දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
ඔහු මෙසේ පැවසුවේ මහතා බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු මහතා අයි.එන් කොඩි තුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී බී රාද ක්‍රිස්ණන් මහතා 2006 වර්ෂයේදී කේ රාද ක්‍රිෂ්ණන් මහත්මිය වෙනුවෙන්ද දිනේෂ් දොඩන්ගොඩ මහතා 2006 වර්ෂයේද කේකේ පරණවිතාන මහතා 2006 වර්ෂයේදීද ජනාධිපති අරමුදලෙන් මෙසේ විදේශ ශිෂ්‍යත්ව ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යාධාර ලබාදීමට 2015 වර්ෂයේදී කෝටි හතකට වැඩි මුදලක්ද 2006 වර්ෂයේ දී කෝටි හයකට වැඩි මුදලක්ද 2007 වර්ෂයේ දී 42 දෙනෙකුට කෝටි තුනකට වැඩි මුදලක්ද 2008 වර්ෂයේ දී 18 දෙනෙකුට කෝටියකට වැඩි මුදලක්ද 2009 වර්ෂයේදී සිව් දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2010 වර්ෂයේ දී තුන්දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2011 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ දහයකට වැඩි මුදලක්ද 2012 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද 2014 වර්ෂයේ දී එක් කෙනෙකුට ලක්ෂ හතකට වැඩි මුදලක්ද මෙසේ වැය කර ඇති බව කර්මාතිලක මහතා පැවසීය.