ප්රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය.
පොළොන්නරුව – හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්රදේශයේදී යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි.
මේ අතර කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදි දෙක එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වැලිපැන්න ප්රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකි.