ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ඉකුත් මස 9වෙනි දින එම කොමිසමේ කළමනාකාර සේවා නිලධාරිනියක් විසින් ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.