පොදු ප්රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසූ බව ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යංශය පවසයි.
ආරක්ෂිත ප්රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ එම වැඩසටහන ක්රියාවට නංවන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි.
ඒ යටතේ පොදු ප්රවාහනය සම්බන්ධයෙන් අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමේ ක්රමවේදයක් සකසන බවත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රවාහන සේවා භාවිත කරන මගීන්ගෙන් ඒ යටතේ තොරතුරු ලබාගන්නා බව ද මහේෂ් කුලතිලක මහතා කියයි.
0704775030 වට්ස්ඇප් අංකයෙන් ද, 1958 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද, Website :- www.sltb.lk වෙබි ලිපිනයෙන් ද තොරතුරු ලබා දිය හැකිය.