කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි.
පාසල නිමවී නිවසට යාම සඳහා සිය පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ අද සවස රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇත.
එම අවස්ථාවේ පැමිණ ඇති පාසල් සේවා බස් රථයක රියදුරු හා එහි සිටි සිසුසිසුවියන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩය හා ප්‍රදේශවාසීන් එක්ව සිසුවිය කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
එම සිසුවිය රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය තල්කොටේ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි බද්දේ ගෙදර කෞෂී රශ්මිකා අබේරත්න නමැති 06 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් වන පාසල් සිසුවියකි.
ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව කඩ ඉම් විභාය සමත් වීමෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය පාසලකට ඇතුලත්ව ඇත්තේ මින් මාස එක හමාරකට පමණ ඉහතදී බව පැවැසේ.