දිවුලපැලැස්ස මහියංගන ප්රධාන මාර්ගයේ හෙබරව ප්රදේශයේ දී අද (2) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි .
අනතුරින් ත්රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක් සහ දෙකහමාරක් වයස කුඩා දරුවන් දෙදෙනකු සමග ගිලන් රථයේ රිය සහයක සහ හෙද නිළධාරිනියක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය කීය .
විල්ගමුව ප්රාදේශීය රෝහලට අයත් මෙම ගිලන් රථයෙන් රෝගින් පිරිසක් විල්ගමුව රෝහලේ සිට මහියංගන රෝහලට රැගෙන යමින් සිටියදී නාවල තැලිගම ප්රදේශයේ සිට රොටලවෙල නෑදෑ ගෙදරක යමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්රිරෝද රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය සදහන් කලේය .
අනතුරින් ගිලන් රථ රියදුරු , හෙද නිළධාරිනියක,රෝගින් හයදෙෙකු ද ත්රිරෝද රථය පදවාගෙන ගිය 62 හැවිරිදි පියකු සමග අවුරුදු 28, 32 වයසේ පසුවන දියණියන් දෙදෙනකු තුවාල ලබා ඇතයි පොලිසිය පැවසීය .
ගිලන් රථයට සහ ත්රිරෝද රථය ට අනතුරින් දැඩි ලෙස අලාභහානි වී තිබේ.