ගල්කිස්ස අරලිය ප්රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අගුලාන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි.
දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී එම පුද්ගලයා මියගොස් ඇත.