බදුල්ල එළදලුව කන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පවසයි.
ගින්න තවදුරටත් කන්දේ පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමග මෙසේ එළදලුව කන්දට කිසිවකු විසින් ගිනිතැබීම නිසාවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරයි .
කෙසේ වෙතත් මෙම ගින්න නිවාදැමීමට බදුල්ල එළදලුව 112 පාබල බල සේනා යුධ හමුදා කදවුරේ නිළධාරින් කංඩායමක් මේවනවිටත් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපමින් කටයුතු කරන බවත් වියලි දේශගුණික තත්ත්වයත් සමග ගින්න සීග්‍රයෙන් කන්ද පුරා පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .