අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල සිටින මගීන් ද ආරක්ෂිත බඳ පටි පැළඳවීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී එම මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහනවල රියදුරන් දැනුවත් කිරීම අද උදෑසන සිදු කෙරිණි.