සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්රවාහනය කළ ට්රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය ඊයේ (30) පැවසුවාය.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා උක්ගස් මෙටි්රක්ටොන් 45,519 ක් හෙවත් උක්ගස් මෙටි්රක්ටොන් 46,000 කට ආසන්න ප්රමාණයක් ගොවීන් 531 කින් ලබාගෙන ඇති බවත් ඔවුන්ට මේ වන විට මිලියන 243.9 ක මුදලක් ගෙවා ඇති බවත් ලංකා සීනි සමාගමේ ප්රධාන විධායක නිලධාරීවරිය කීවාය.
අතීතයේ සිටම උක්ගස් රැගෙන ආ පසු ගොවීන්ට අත්තිකාරම් මුදලක් ගෙවා මාසයකින් පමණ පසු සම්පූර්ණ මුදල ගෙවන බවත් සමාගම පැත්තෙන් ද පොඩි පොඩි අතපසුවීම් ද ඇති බවත් ඇය සඳහන් කළා.
උක්ගස් කර්මාන්ත ශාලාවට ප්රවාහනය කරන පිරිස එකතුව එනම් ට්රැක්ටර් හිමියන්ගේ සංගමය ඔවුන්ගේ යම් යම් ගැටලු පිළිබඳව කථා කරන බව කී ගුණරත්න මහත්මිය ට්රැක්ටර් හිමියන්ගේ රුපියල් මිලියන 73.2 ක් හෙවත් ලක්ෂ 732 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද සඳහන් කළාය.
එම ගොවීන් සහ ට්රැක්ටර් හිමියන්ගේ සංගමයේ නියෝජතයන් සමඟ සාකච්ඡා කළ බවත් එම මුදල් නොලැබීමෙන් ඔවුන් ද අපහසුතාවට පත්ව සිටින බවත් ඇය පැවසුවාය.