අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ ඊයේ (30) වැඩතහනම් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්රබල අපරාධකරුවෙක්අද මෙලෙස පලාගොස් තිබුණිග රත්නපුර අංගම්මන ප්රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පලාගිය සැකකරුට එරෙහිව තිබු බවද පොලිසිය පැවසුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්නපුර මුලස්ථාන පොලීසියේ රාත්රී කාර්යභාර නිලධාරීවරයාට සහ උප සේවක නිලධාරියාට සැකකරු බාරදී තිබුණ බවද පොලිසිය පැවසුවේය.