පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින් ගෙනවිත් අැති වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළේය.
ආනයනය කරන ලද වාහන 1500ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් එම කාරක සභාව විසින් රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කෙරිණ.
මෙහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා එන්ජින් ධාරිතාව ගැන සොයාබැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක් ඇත්දැයි රේගු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.
මේ චෝදනාව එන්නේ ලොකුම සමාගමට විරුද්ධව බවත් මේවා චීනයේ හදන වාහන බවත් ඔහු සඳහන් කළේය.
ඉට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ එය ගැටලුවක් වේ යැයි නොසිතන බවයි.
එම වාහනවල මෝටර් ධාරිතාව ගැන මොරටුව සරසවිය හරහා ඇගයීමක් කරන බවද ඔහු සඳහන් කළේය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ උසාවියට ගිය ප්‍රශ්නයක් හෙයින් මේ ගැන තවදුරටත් කතා කළ නොහැකි බවයි
සභාපති හර්ෂද සිල්වා මහතා මෙම පරීක්ෂණය පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් හරහා කරන්නැයි දැනුම් දුන්නේය. රේගු ප්‍රධානීහු එසේ කටයුතු කරන බවට කමිටුව හමුවේ සහතික වූහ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. රේගුවේ රඳවාගෙන ඇති වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණේ එම රැස්වීමේදීය.