කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ දූවේමෝදර පදිංචි විසිතුන් හැවිරිදි තරුණයෙකි.
මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මේ වැඩි තැබීම අද(31)අලුයම පහත් පහයි කාලත් අතර සිදුවන්නට ඇතැයි පොලීසිය කියයි.
මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද පොලීසිය කියයි.