පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර පැල්මඩුල්ල පාතගම නිවසක සැඟව සිටියදීය.
35 හැවිරිදි සැකකරු රත්නපුර අංගම්මන පදිංචිකරුවෙකි.