ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්ෂිත ඇප ඇයදුම්පත්රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් මෙම ඇප අයදුම් පත්‍රය ඉදිරිපත් කළේය.
2022 මැයි මස 09වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වන බවත්,එම නඩු කටයුත්ත විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට පෙර අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි .
මෙම අපේක්ෂිත ඇප ඇයදුම්පත්රයක් සලකා බැලීමෙන් පසුව ඒ පිළිබඳව කරුණු දැක්වීමට ලබන 05 වන දින අධිකරණය පෙනී සිට කරුණුු දක්වන්නැයි කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළාය.