යටිනුවර ප්රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීිසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.
මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත මෙසේ සිදුවීද යනන පිළිබඳව පරීක්සණ පවත්වන බව පොලීසිය කියයි.