අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය.
හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් ඕෂද මහ ආරච්චි මහතා මෙම වරෙන්තුව නිකුත් කළේය.
නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ