මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන ‘වැලිගම සහන්’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්ත යේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු පසුගිය අප්‍රේල් මාසේ දිනක හිරන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පොලීසිය හඳුනාගෙන ඇත.
එමෙන්ම මෙම සැකකරු ඉකුත් ජුනි මාසයේ මට්ටක්කුලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. ජුනි මස දිනක පානදුර දකුණ පොලිස් වසමේ යතුරුපැදි කොටස් අලෙවි සැලකට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වීී ඇත.
රන්මාල කොල්ලකෑම් 8 ට පමණ මෙම සැකකරු සම්බන්ධ බවටත් යතුරුපැදියක් සොරකම් කිරීමේ චෝදනාවක් ද සැකකරුට පවතින බවත් පොලිසිය පවසයි.