සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා පොලිස් ස්ථානවලට ඒ පිරිස් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.
දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වැඩි කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය