ගල්කිරියාගම මකුළුගස්වැව හීනුග්ගල රක්ෂිතයේ දි ගැබ්බර මුව දෙනක වෙඩි තබා ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනා ඇතුළු සිවු දෙනා ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි දඹුල්ල මහේස්ත්රාත් දුලාංජලි සිතුමිණි මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මඩාටුගම පොලිසියේ සැරයන් 48455 ඩිල්ෂාන්, ගිරානේගම පොලිසියේ සැරයන් 60221 දිසානායක, රුම්කමන් ප්රසන්න විජෙසිංහ සහ චන්න සරංජන් යන සිවු දෙනාය.
සතුන් දඩයමට යොද්ගත් බව කියන පතුරම් තුවක්කු තුනක් ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. විමර්ශනව ප්රගතිය ලබන නඩු වාරයේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරයි නියෝග කළාය.