වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය.
මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය.
මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වන අලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවයි.
ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කීය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleඉන්දියාව චීන වැසියන්ට සංචාරක වීසා
Next Article බන්ධනාගාර මහපුටු සෙලවූ අ‘පුර රැඳවියා වසර හතක් සිරගෙට