දෙහිවල ප්රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි.
සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙිිඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත.
සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.