වකුගඩු රෝගීන්ගෙන් ලේ ලබා ගැනීමට අවශ්‍ය එන්නත් කටු සති දෙකකට ආසන්න කාලයක සිට දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ සායනවලට සහභාගි වන රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු සඳහන් කරති.
දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ඒකකයේ එම කටු නොමැති වීම හේතුවෙන් තමන්ට පෞද්ගලික ෆාමසි වලින් එක් කට්ටක් රුපියල් 450 ක මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීහු සඳහ කරති.
දින තුනකට වරක් ලේ ලබා ගැනීම සඳහා කටු දෙකක් අවශ්‍ය බවත්, දෙහිඅත්තකන්ඩියේ මූලික රෝහලේ ලේ ලබාගැනීමේ කටු නොමැති වීම නිසා තමන්ට,පොළොන්නරුවට නගරයට කිලෝමීටර් හැටක් පමණ දුර ගොස් එම කටු ලබා ගැනීමට සිදුව ඇති බවද රෝගීන්ගේ ඥාතීන් පවසති.
මේ සම්බන්දයෙන් කරුණු දැන ගැනිමට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ බලධාරියකු සම්බන්ධ කරගැනිමට ගත් උත්සහාය අසර්ථ විය. දුරකතනය හා සම්බන්ද වූ නිලධාරිනයක කියා සිටියේ තමන්ට කිසිවකු ප්‍රකාශ කළ නොහැකි බවයි