නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වසන්ති චතුරානි නැමති කාන්තාවකි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ හෙරෝයින් අලේවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යන කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමහල් දියණිය බව කියයි.
කුඩු මාලි නැමති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකු ඇති බවත් එම සියලු දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම තදින් කරගෙන යමින් මරද ප්‍රදේශයට බරපතල තර්ජනයක් ව තිබු බව පොලිසිය.
ඝාතනයට ලක් වූ කාන්තාව මත්දව්‍ය සම්බන්දයෙන් අවස්ථා කිපයකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක බව පොලිසිය කියයි.