මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි.
මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්රිත ව්‍යාපාර පිහිටුවීම කෙරෙහි උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් රජය නව කැමැත්ත ප්‍රකාශන කැඳවීමටද නියමිතය.