මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ” දැක්වේ.
මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව මිලියන 8.46 ක් බවත් ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 8.57 ක් බවත් එම වාර්තාවේ පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මෙම වසරේ පළමු කාර්තුවේදී මිලියන 8.57 දක්වා පහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සැළකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ “2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ” දැක්වේ.
පසුගිය වසරේ මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 9.23ක් වූ අතර ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව ලක්ෂ 7 කින් පමණ අඩුවී ඇත.
කෙසේ නමුත් තවමත් මෙරට රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 72.4 ක ප්‍රතිශතයක් ලක්ෂ 62 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ තුනකින් පමණ අඩුවී තිබෙන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.