නිකවැරටිය ප්රදේශයේ මාගල්ල වැවේ ඔරුවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු වැවට වැටී අතුරුදන්ව තිබේ.
අදාල පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිකවැරටිය පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 48ක් වන නිකවැරටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදහන් වූ පුද්ගලයා සොයා නිකවැරටිය පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත්කර තිබේ.