තිරප්පනය ප්රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර තිබේ.
කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුර අද (19) උදෑසන 6.00ට පමණ සිදුව තිබේ.
වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති බව පැවසේ. සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ප්රදේශවාසීන් හා පොලිසිය එක්ව 1990 ගිලන්රථ සේවාවේ සහය ඇතිව තුවාල කරුවන් ප්රතිකාර සඳහා කඩිනමින් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
තිරප්පනය පොලිස් රථවාහන අංශය මඟින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරමින් සිටී.