දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබූ පුද්ගලයන් යතුරු පැදියකින් කොළඹ දෙසට පලා යන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නැත.
යතුරුපැදියේ ලියාපදිංචිය අංකය පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.