TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබේ.
විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.
ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ Tik Tok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී Tik Tok නියෝජිතයින් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.