මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති විශේෂ මෙහෙයුම් රථ වාහන මූලස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 590 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.