ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය.
ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ‘ප්‍රජාශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භයට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.