කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය.
උතුරු නැගෙනහිර දෙපළාත් ඇතුලුව රටේ විවිධ ප්‍රදේශවලින් හින්දු බැතිමතුන්ට කතරගම පෙරහරට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජූනි 20දා විවෘත කරනුලැබීය.
ඒ අනුව 03 වැනිදා වනවිට කුමන ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලුවී ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා කීවේය. එසේ ඇතුවු පිරිස අතර හින්දු බැතිමතුන් පමණක් නොවන බවද කීවේය.