මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.
ඒ අනුව මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 කි.