වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
දශම ගණනකින් බස් ගාස්තු සංහෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය.
බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිළ, බස් රථ සහ අමතර කොටස් මිළ, බදු ඇතුලු කරුණු 12 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.