ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි.
සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්රසූත්ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි.
යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත. සුපෝෂ මූලික අමුද්‍රව්‍ය ලෙස ලෙස භාවිත කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයෙන් යුතු කප්කේස් නිපදවීමටද කටයුතු යොදා ඇති බවද සමාගම දන්වා සිටියි.
එහි මූලික අදියර ලෙස ජා-ඇළ කපුවත්ත සුපෝෂ අවෙවිසැලෙහි එම නිෂ්පාදනය දැනටමත් අලෙවි කිරීමට කටයුතු කර ඇති අතර ඉදිරියේ දී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ.