ශ්රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්රමසිංහ සැකකරු ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.
2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් 4512 රජයට පාඩුවක් කිරීම,එම වසරේම ජනවාරි 26 දින මාල දිවයින සිට ලංකාව හරහා ප්රංශය බලා යන ගුවන් මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම හා 2014 දෙසැම්බර් 19 දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන්මෙම විමර්ශනය සිදු කෙරේ.