ගල්නෑව , හෙලබදුගම දී මීට මාසයකට පෙර ළිඳකට වැටී ජීවිතක්ෂයට පත් වූ බව කියූ , දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව , එම මව ළිඳට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට, ඇගේ බාල පුත්‍රයා පෙරේදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්නෑව හෙළබදුගම පදිංචිව සිටි 46 වැරදි පුද්ගලයෙකි.
ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදී ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි එම දෙදරු, මවගේ මරණය සොයා ගත් බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්, මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට වාර්තා ලැබුණු බවත් , මරණකාරියගේ හිසේ පටක වලට හානි සිදුව ඇති බවට වාර්තා වීම හේතුවෙන් ඒ ඔස්සේ මෙම මරණය ඝාතනයක්ද යන්න අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළ බව ගල්නෑව පොලිසිය කියයි.
‘තම මව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයකු නිවසට ගෙන්වාගෙන සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත්, මීට මාස කීපයකට පෙර ඔහු නිවසින් පිටව යාම හේතුවෙන් මව සිත් තැවුලට පත්ව ළිඳට පැන සියදිවි නසා ගන්නට ඇති බව’ මරණකාරියගේ දේහය හමුවූ අවස්ථාවේදී මීට මාසයකට පෙර සැකකාර බාල පුත්‍රයා සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.