සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශාදම් ස්ලාම් ලකුණු 46ක් ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් ද ලිටන් දාස් ලකුණු 34ක්, මෙහිදි හසන් මිරාස් ලකුණු 31ක් හා තයිජුල් ස්ලාම් ලකුණු 33ක් වශයෙන් වාර්තා කළා.
පන්දු යැවීමේ දී ශ්රී ලංකා පිළ වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්රනාන්දු කඩුලු 2ක් හා දිනයේදී ටෙස්ට් වරම් දිනා ගත් සොනාල් දිනූෂ කඩුලු 3ක් බිඳ දැමූ අතර තරිඳු රත්නායක හා නායක ධනංජය ද සිල්වා අතරේ කඩුලු එක බැගින් බෙදී ගියා.