2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැදවීම අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ලබන මස 21 වනදා දක්වා ඊට අයදුම් කළ හැකියි.
ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වනවා.
මෙවර උසස්පෙළ විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙනු ඇති.