ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ගජ මිතුරු වාසි තකා ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට රජය පත්වුවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සවෛරීත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය අධර්්‍යමත් කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කිරීම සිදුවන බවත් ප්‍රේමදාස මහතා කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
රජය ගෙන ඇති මෙම පියවර නිසා සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්වීම මෙන්ම ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි ප්‍රමාණයකට නරක ලෙස බලපා ඇතැයිද – විපක්ෂ නායකවරයා පැවසීය.