කිරිඇල්ල මැද-ගලතුර කෝට්ටබන්ඩාව වතු නිවාස ආසන්නයේ ප්රධාන මාර්ගයේ ත්රී රොදරථ රියදුරෙකුට පිහියකින් ඇන කපා කොටා ඝාතනය කර ඔහු සතු රුපියල් 25,000ට ආසන්න මුදලක් රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව කිරිඇල්ල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවිතිගල උඩකරවිට ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකි. සැකකරුගේ හෙලිකිරීම මත අඟල් 8 ක් දිග තියුණු පිහිය ඝාතනය කළස්ථානයේ කැලෑරොදක තිබී කිරිඇල්ල පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පසුගිය 18 වැනිදා මෙසේ ඝාතනය වු ත්රිරෝදරථ රියදුරු වන අජිත් පෙරේරා (63) රත්නපුර නගරයේ පදිංචි අයකු වන ඔහු රත්නපුර ප්රධාන බස් නැවතුන් පොල අසල ත්රිරෝද රථ රියදුරෙකු වශයෙන් රැකියාවේ නියැල්ලෙන්නෙකි.