ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙක් චීනයේ අධ්‍යයන චාරිකාවක් සඳහා ඊයේ (20) පිටත්ව ගියහ.
මෙම සංචාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු තිදෙනෙක්ද එක්ව සිටිති.
අධ්‍යයන කටයුත්ත සඳහා එම මන්ත්‍රීවරුන් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටීමට නියමිතය.
විවිධ අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යෑමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරින් වර අවස්ථාව හිමිවෙයි. එම සංචාර සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන අනුග්‍රහ දක්වයි.