කහට ගස් දිගිලිය, ඇල්ල වැව ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහට ගස් දිගිලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහට ගස් දිගිලිය, රන්පත් විල, සීප්පු කුලම ප්රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 36 ත් අතර පසුවන සැකකරුවන් පිරිසකි.
සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවිය දමා තිබූ බෑගය, පිහියක්, විදුලි පන්දමක් ඇතුළු දේපළ සොයාගෙන ඇති අතර ගිනි අවිය ඉකුත් 13 දා සොයා ගත් බව පොලිසියකියයි.