පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය.
‘ගවයා කියන්නේ ආසියා සංස්කෘතියේ වන්දනීය සතෙක්.හින්දු භක්තිකයන් ගවයා පූජනීය සතෙක් ලෙස සලකනවා.ශ්‍රී ලාංකික භූමියේ දේශගුණය රටාව තුළ ලෝකයේ ඕනෑම ගවයෙක් ඇති කරන්නට හැකියාව තිබෙනවා.අප අද ඉදිරිපත් කරන්නේ 2014 සිට මතුවූ තත්ත්වයක්.
එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුව මේ කිරි ගවයන් විසිදාහ ආනයනය කරන්න යෝජනා වී තිබුණා.2018 දී මේ කටයුතු ආරම්භ කර තිබෙනවා.මේ සඳහා අත්තිකාරම් දුන්නත් කිසිම හරකෙක් ලංකාවට ගෙනත් නෑ.ඒ වගේම ඇතැම් කාල පරාසවල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙනවා.ලංකාවේ 75000 ක් පමණ කිරි ගව පාලනයෙන් යැපෙනවා.ඊළඟ අයවැයේදී කිරි ගව පාලනය සාර්ථක කර ගන්න මුදල් වෙන් කිරීමට කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.