පළාත් පාලන මැතිවරණයේදී සියයට පනහක ඡන්ද ප්රතිශතයක් නොමැතිව ජයග්රහණය කරන ලද පළාත් පාලන ආයතන 29ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය මේ වන විට සමත් වී තිබේ.
කොළඹ,රත්නපුර,කුරුණෑගල සහ නුවරඑළිය මහ නගර සභා වල බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව ඇති අතර පුත්තලම ,බණ්ඩාරවෙල, කොළොන්නාව,පෑලියගොඩ,හික්කඩුව
තලවකැලේ ලිඳුල නගර සභා වල බලයද ජාතික ජන බලවේගයට හිමි විය.
ඌව පරණගම,හල්දුම්මුල්ල, මීගහකිවුල,මැදවච්චිය,කොබෙයිගනේ,මැදදුම්බර,උඩුදුම්බර,මිනිපේ,පඬුවස් නුවර,දඹුල්ල,ගලේවෙල,වැලිකන්ද, කල්පිටිය,වවුනියා දකුණ,හපුතලේ සහ දෙහිඕවිට,හොරොව්පතාන,කන්දකැටි,සොරණාතොට ප්රාදේශීය සභා වල බලයද ජාතික ජන බලවේගය විසින් හිමිකර ගත්තේය.
වෙනත් පක්ෂ විසින් බලය පිහිටුවන ලද ආගරපතන, කොටගල සහ නුවරඑළිය ප්රාදේශීය සභාවල උපසභාපති ධුර ද ජාතික ජන බලවේගය විසින් හිමි කරගෙන තිබේ.