රජය ජාත්‍යන්තරයේ ඇතිවී තිබෙන තත්ත්වයන් හරියට නිරීක්ෂණය කොට කටයුතු නොකළොත් ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් දරුණු ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තරය මෙන්ම ආසියාව පිළිබඳ හොඳ දැනුමක් තිබෙන නායකයකුගේ අවශ්‍යතාව රටට හොඳින්ම දැනෙන්නේ මෙවැනි අවස්ථාවක බවද අබේවර්ධන මහතා කීය.
මේ වන විට ලෝකයේ යුදමය වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන්නේ යැයි කී අබේවර්ධන මහතා දෙකෝටි විසි ලක්ෂයක් වන ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන වගකීම රජයට පැවරී ඇතැයි කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ බොහොමයක් අද වන විට වෙනස් කරමින් සිටින බව කී අබේවර්ධන මහතා මේ ගැන රට පාලනය කිරීමේදී බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන්නේ යැයි කීය.
බාර ගත් වගකීම හරියාකාරව ඉටු කිරීමේ බරපතල වගකීම රජය මත පැවරී තිබෙන්නේ යැයිද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.