නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ (ICT) බහළු මෙහෙයුම් සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහළු පර්යන්තයේ සහ ජය බහළු පර්යන්තයේ බහළු මෙහෙයුම් සඳහා රබර් ටයර් සව් කළ විදුලි බලයෙන් ක්‍රියා කරවන ගැන්ට්‍රි දොඹකර 7 ක් ප්‍රසම්පාදනය කිරීමට 2025 වර්ෂයේ අයවැය යටතේ එම අධිකාරිය විසින් ප්‍රතිපාදන සලසා ගනු ලැබ ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ගැන්ට්‍රි දොඹකර 7 ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.