සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය.
එම සැකකරුවන් එකී මුදලින් මිලදී ගත්තේ නවීන පන්නයේ යතුරුපැදියක්, තීරෝද රථයක් සහ අපරාධයට යොදාගත් සෙල්ලම් පිස්තෝලයක් , යතුරුපැදිය , ජංගම දුරකථන සහ එම සිම්පත් සහ විවිධ බැංකු වලට අයත් ඒටිඑම් කාඩ්පත් මෙන්න යතුරු පෙදි සහ තීරෝද රථවල සියලුම ලිපි ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇත.
මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 9 වෙනිදින බඩල් ගම මැල්ලව ගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු අමතා ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන හීනටියන මහේෂ් සහ සංඛ ලෙස හඳුන්වා දෙමින් රුපියල් කෝටියක කප්පම් මුදලක් අවශ්‍ය බවට පවසා ඇතැයි පොලිසිය කියයි.
ඊට බියව තිබූ එම පුද්ගලයා ඔවුන්ට ලක්ෂ විස්සක කප්පමක් ලබා දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.