විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම පිළිබඳ පනත් කෙටුම්පතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
කොළඹ මහ නගර සභාවට රහස් ඡන්දය පැවැත්වූයේ සියලු දෙනාගේ අනුමැතිය බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍යතන්ත්‍රය ආරක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කොමසාරිස්වරිය පළාත් පාලන පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කළ බවද සඳහන් කළේය.
හැට දෙකේ ලේඛනය කොහේදැයි තමා මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන බවත් ඔහු තවමත් දුවන බවත් හෙතෙම පැවසීය.